දේශීය

පොහොර නැව තව දුරටත් ප්‍රමාදයි

(UTV | කොළඹ) – යූරියා පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගම පවසයි.

ජූලි 6 මෙරටට පැමිණීමට නියමිතව තිබූ නෞකාවේ ප්‍රමාදයක් හේතුවෙන් වෙනත් නෞකාවක් මෙරටටපැමිණීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම නෞකාවේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ඇත.

ඉන්දීය ණය පහසුකම් යටතේ ලබාගත් පොහොර තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එන බවයි කොමර්ෂල් පොහොර සමාගම ප්‍රකාශ කළේ.

පොහොරවල ප්‍රමිතිය පිළිබඳව පාර්ශ්ව තුනක් විසින් විමර්ශනය කරන බවද එම සමාගම පෙන්වා දෙයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් අත්අඩංගුවටගත් දිනයේ සලකපු විදිය ගැන අකිල විරාජ්ගෙගෙන් අනාවරණයක්

Editor O

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment