දේශීය

මෙරටට පැමිණි අමරිකානු ඉහළ පෙළේ නියෝජිත පිරිස ජනපති – අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – මෙරට සංචාරයක නිරත වන අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිස අද (27) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඒ මෙරටට පැමිණ ඇති අමෙරිකාවේ ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රොත් මහතා සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලීන් සහ අමෙරිකාවේ මෙරට තානාපතිවරිය වන ජූලි චන්ග් යන අයයි.

මෙම නියෝජිත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇති අතර මෙරට දේශපාලන නියෝජිතයින්, ආර්ථික විද්වතුන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන හමුවීමට නියමිත බවයි පසිගිය දා අමෙරිකාවේ මෙරට තානාපතිවරිය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුද විසඳීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරමින් පවතින ක්‍රියාමාර්ගවල පියවරක් ලෙස මෙම දූත පිරිස මෙරටට පැමිණ තිබෙනවා.

Related posts

මියන්මාරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

උඩරට සහ පහතරට තේ සඳහා වාර්තාගත මිලක්

Mohamed Dilsad

Leave a Comment