Trending Newsඑසැන පුවත්දේශීය

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදු වූ වගා හානි පිළිබඳ ලබන 10 වැනි දාට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි. එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, අනතුරුව නිලධාරීන් ගොවිබිම් වෙත ගොස් හානිය ඇස්තමේන්තු කරන බවයි. ජලයෙන් යට වූ වගා බිම් 25%කට පමණ හානි වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ජලයෙන් යටවී පූර්ණ හානි වූ වගාබිම් වෙනුවෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බව නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. තව ද පසුගිය දිනවල ඇති වූ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් වගා සඳහා සිදු වූ හානි යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහය ලබාදිය හැකි බව ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසයි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා සමග පැවැති සාකච්ඡාවකදී එම සංවිධානයේ නියෝජිතයින් ඒ බව පවසා තිබේ.

Related posts

“Government is committed to ensure Social Justice” – President

Mohamed Dilsad

The 43rd DhammasabhaMandapa of “Sadahamyatra” was held at the premises of the Bodhi tree at President’s house

Mohamed Dilsad

அடுத்தாண்டுக்கான இடைக்கால கணக்கறிக்கைக்கு அமைச்சரவை அங்கீகாரம்

Mohamed Dilsad

Leave a Comment