දේශීය

වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට චැසි අංකයෙන් ලියාපදිංචි වීමට නොහැකි රථ වාහන සඳහා අද (31) සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි වීමට හැකියාව පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සදහන් කළේ මෙතෙක් ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට ගැටලු පැවති සියලු ක්ෂේත්‍ර සඳහා මේ වන විට අවශ්‍ය විසදුම් ලබා දී ඇති බවය.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය සහ කෝටා ක්‍රමය යටතේ හෙට (01) සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ.

ඒ අනුව, අවසන් ඉලක්කම මත පදනම් වූ අංක තහඩු ක්‍රමය, ටෝකන් ක්‍රමය සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනෙකුත් ක්‍රමවේද හෙට දිනයේ සිට වලංගු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යශය පෙන්වා දෙයි.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට අදාළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා සතියක කාලයක් පවතින බැවින් හෙට දිනයේ සිට ඉන්ධන පිරවුම්හල්වලට රැස්වී තදබදයක් ඇතිවන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

ආරක්ෂක ලේකම් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

රක්ෂණ ඔප්පු හිමියන්ට සහන කාලයක්

Mohamed Dilsad

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment