ගොසිප්

මෙරට ගණිකා වෘත්තියේ වැඩිවීමක් ?

(UTV | කොළඹ) – ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් ඔවුන් ජීවනෝපාය සඳහා ලිංගික ශ්‍රමිකත්වයට නැඹුරු වෙමින් පවතින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය ANI පුවත් සේවය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෙර නොවූවිරූ ආර්ථික අර්බුදය හමුවේ මිලියන 22ක ජනතාව දැවැන්ත දුෂ්කරතාවන්ට සහ දරිද්‍රතාවයට මුහුණ දී සිටින බවය.

බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීමේ දෛනික අරගලය සමග නිවෙස්වල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකුට ඇගළුම් අංශයේ රැකියා අහිමි වී ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

මෙම භයානක තත්ත්වය හමුවේ තාවකාලික ගණිකා මඩම් ඇති වී ඇති අතර කාන්තාවන් ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ ප්‍රවණතාවක් ඇති බව ලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන කණ්ඩායමක් වන ස්ටෑන්ඩප් මූව්මන්ට් ලංකා ඉන්දීය පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසය තුළ මෙරට ගණිකා වෘත්තියේ සියයට 30ක පමණ වැඩි වීමක් දක්නට ලැබෙන බව එම කණ්ඩායම පෙන්වා දී ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන්ගේ රැකියා අහිමි වීමත් සමග ඔවුන් ස්පා සහ සුවතා මධ්‍යස්ථානවල සේවයට යොමු වෙමින් ලිංගික ශ්‍රමිකයින් ලෙස ආදායම් ඉපැයීමට පෙළඹී ඇති බව අදාළ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Related posts

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

Mohamed Dilsad

තමාට වෙඩි තබන ලෙස ඉල්ලා කන්‍යා සොහොයුරියක් වැඳවැටේ

Mohamed Dilsad

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment