දේශීය

ගත වූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 කට කොරෝනා

(UTV | කොළඹ) –  ගතවූ පැය 24 තුළ විදෙස්ගතව සිට පැමිණි 78 දෙනෙකු කොරෝනා අසාදිතයින් බවට හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   

හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, විශාල වශයෙන් පිට රටින් එන අයගෙන් කොවිඩ් ආසාදිතයින් සොයා ගැනීම යම් කිසි ආකාරයක රටට කොව්ඩ් ඇතුළු වීමේ තර්ජනයක් තිබෙන බවට පෙනෙන්නට තිබෙන බවය.

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 07ක් වාර්තා වූ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය ආරක්ෂික මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසය.

Related posts

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්

Editor O

පොදු මහජන සහ වෘත්තිය ක්‍රියාකාරම් 46 ක් සදහා උපදෙස් මාලාවක්

Mohamed Dilsad

තවත් ඇමති ධුර කිහිපයක වෙනසක්

Mohamed Dilsad

Leave a Comment