Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන පැමිණිලි 125ක්

(UTV | කොළඹ) –

මැතිවරණ නීති උල්ළංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධ පැමිණිලි සහ ඉල්ලීම්ද ඇතුළත් බව එහි පැමිණිලි අංශයේ නිළධාරින් සඳහන් කළේ ය. මැතිවරණයට අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඇත්නම් මැතිවරණ කොමිසමෙහි ස්ථාපිත කර ඇති පැමිණිලි අංශය සම්බන්ධ කරගත හැකි බවද එම කොමිසම සඳහන් කරයි.

මෙතෙක් ලැබී ඇති පැමිණිලි අතුරින් බහුතරයක් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව ලැබුණු පැමිණිලි බව පැෆරල් සංවිධානය පවසයි. ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් කිසිවක් වාර්තා වී නැතැයි ද මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

Related posts

தேசிய இளைஞர் படையணி கிரிக்கட் போட்டியில் வடமாகாண அணி சாதனை

Mohamed Dilsad

“Cricket is important, not my brand value” - Virat Kohli

Mohamed Dilsad

அமெரிக்காவில் துப்பாக்கிச்சூடு – 11 பேர் படுகாயம்

Mohamed Dilsad

Leave a Comment