Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) –

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (01) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය පිළිබඳ සාකච්ඡා කිරීම එහි අරමුණ බව ද, සේමසිංහ මහතා සඳහන් කරයි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ඊයේ(31) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණගැසුණේය.

නියෝජිත පිරිස මෙරටට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර සිටියේ මෙරට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පසු විපරමක් කිරීමටත් මෑතකදී සිදුවූ ආර්ථික වර්ධනයන් පිළිබඳ සාකච්ඡා කිරීමට නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටි බවයි.

Related posts

Sri Lanka had CHF 307 million in Swiss banks last year

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්

Editor O

ඇමෙරිකානු නව ජනපති ජයග්‍රහණය සමරයි

Mohamed Dilsad

Leave a Comment