දේශීය

කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-35)ක් පමණ අගයක් ගත හැකියි.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

Related posts

සමාජ මාධ්‍යවල පළවන අසත්‍ය පුවත්වලට නොරැවටෙන්න – පොලිසිය

Mohamed Dilsad

ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ජාවා Lounge වෙත සම්මාන හතරක්

Editor O

ලෝක නායකයින්ගේ සහාය ගැනීම එක්තරා කලාවක් – මෛත්‍රී

Mohamed Dilsad

Leave a Comment