Trending Newsඑසැන පුවත්දේශීය

ගංවතුර පැවති ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමක්

ගංවතුර පැවති ප්‍රදේශවල මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, වැඩි අවදානම් සහිත ප්‍රදේශ ලෙස රත්නපුර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්ක හඳුනා ගෙන ඇති බවයි. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් මී උණ රෝගීන් 10,000ක් පමණ වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මී උණ හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් 120 ත් 200 ත් අතර සංඛ්‍යාවක් මිය යන බවයි. මීයන්ගේ මුත්‍රා ජලයට එක්වී, ශරීරයේ පවතින තුවාල ඔස්සේ විෂබීජ ශරීරගත වී, මී උණ වැළදිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඇස් රතුවීම, උණ, මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම, අධික හිසරදය හා මස්පිඩු වේදනාව, මී උණ රෝගයේ ලක්ෂණයි. එම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් රෝහල් ගත වන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි

Related posts

Wijeyadasa Rajapakse re-appointed as a Minister

Mohamed Dilsad

கிழக்கு மாகாண ஆளுனராக ஷான் விஜயலால் டி சில்வா நியமனம்

Mohamed Dilsad

Multi vehicle collision in Kilinochchi

Mohamed Dilsad

Leave a Comment