Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය පවත්වනවා ද නැත්ද තීරණය 29 වෙනිදා

පවතින අයහපත් කාලගුණය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය ගැන තීරණය එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසනවා. අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

කාලගුණ තත්ත්වය 29 වැනිදායින් පසු සලකා බලා නැවත විශ්ලේෂණය කර, යහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවීමෙන් පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි එහිදී ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කර තිබේ. අද හෙට සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි එහිදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජනපති බංග්ලාදේශය බලා පිටත්ව යයි

Mohamed Dilsad

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

Mohamed Dilsad

Mystery of sudden purple orange solved

Mohamed Dilsad

Leave a Comment