Trending Newsඑසැන පුවත්දේශීය

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දීම නීති විරෝධී යි. දුන්නොත් නඩු දාන්න විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති රාමුවෙන් බැහැරව රජයේ වාහන ලබා නීති විරෝධී බවත්, එසේ වාහන ලබාදුන්නොත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරු සූදානම් වෙයි. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවතින නීති ව්‍යුහය තුළ රජයේ වාහන ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බව ඔවුන් පෙන්වා දෙති.

මන්ත්‍රීවරුන් සඳහා බදු නිදහස් වාහන බලපත්‍රයක් ලබා දීම දැනට පවතින නෛතික ක්‍රමවේදය බවත් ඉන් පරිබාහිරව රජය විසින් මන්ත්‍රීවරුන්ට වාහන සංචිතයකින් ලබාදීම හරහා රජයට අමතර වැය බරක් එක්වන බවත් එය නීත්‍යානුකූල නොවන ලෙස සිදු කළොත් රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් ඔවුන්ගේ අදහසයි.

නීත්‍යානුකූල ක්‍රමවේදයකින් බැහැරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකුට හෝ වාහන ලබා දුන්නොත් එය නීතිය හමුවේ අභියෝග කිරීමට තීරණය කර ඇත.

Related posts

இராஜாங்க அமைச்சர் ஶ்ரீயானி பயணித்த வாகனம் விபத்து

Mohamed Dilsad

Climate change: Impacts ‘accelerating’ as leaders gather for UN talks

Mohamed Dilsad

Brendon McCullum becomes part of cricket lexicon

Mohamed Dilsad

Leave a Comment