Trending News

ජනපති බංග්ලාදේශය බලා පිටත්ව යයි

(උදයම්,කොළඹ)   –   බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මියගේ ආරාධනාවක් අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා බංග්ලාදේශය බලා පිටත්ව යයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා බංග්ලාදේශ අගමැතිණිය සහ ජනාධිපතිතුමා සමග සාකච්ජා පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කථානායකවරයා මෙන්ම විපක්ෂ නායිකාව ද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡුා පවත්වනු ඇත.

ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර රාජ්‍යතාන්ති‍්‍රක සබදතා ඇරඹෙන්නේ 1972 වසරේදී ය.

ශී‍්‍ර ලංකාවේ බංග්ලාදේශ ආයෝජන ඉහළ නැංවීම පිළිබදව ද, නාවික, අධ්‍යාපන, සංචාරක, ධීවර, සෞඛ්‍ය ආදී ක්ෂේත‍්‍රවල සබදතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡුා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණවීම්, ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය අතර වසරකට ඩො.මි. 142 පමණ වෙළද පිරිවැටුමක් ඇති අතර, මෙම වෙළද කටයුතු තවදුරටත් වැඩිදියුණුකර ගැනීමට ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබදව ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කෙරෙණු ඇත.

Related posts

ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම ගැන කතා කරද්දි විහිළු කළ අය, අද විහිළුවක් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ETL STATES IT’S ROLE WAS MERELY AS A FREIGHT FORWARDER AND DENIES OWNERSHIP OF IMPORTED WASTE

Mohamed Dilsad

VIP Assassination Plot: DIG Nalaka de Silva interdicted by National Police Commission

Mohamed Dilsad

Leave a Comment