Trending Newsඑසැන පුවත්දේශීය

තහනම් පෙත්තක් රු. 15,000 ක ට අළෙවි කළේ යැයි, ෆාමසි හිමිකරු අත්අඩංගුවට

නුවරඑළිය නගරයේ ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැලේ හිමිකරු නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව අද (06) දින අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඔසුසැල් හිමියා නීති විරෝධී ගබ්සා පෙත්තක් රුපියල් පහලොස් දහසක මිලකට අලෙවි කරන බවට කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග එක්ව උපාය දුතයෙකු යොදාගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මේනන් මහතා කියා සිටියේය.

සැකකරුගේ ඔසුසැලේ අලෙවි කිරිමට තිබූ ගබ්සා පෙති රැසක් පොලිස් භාරයට ගත් බවත්, නිති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති මෙරට තුළ අලෙවි කිරිම සපුරා තහනම් කර ඇති බවයි, සෞඛ්‍ය වෛද්‍යවරයා කියා සිටියේ.

Related posts

கொழும்பு அச்சகம் ஒன்றில் இன்று அதிகாலை தீ பரவல

Mohamed Dilsad

Five pre-schoolers injured as Bo-tree branch falls on them – [IMAGES]

Mohamed Dilsad

North Korea threatens new missile tests

Mohamed Dilsad

Leave a Comment