Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

ට්‍රම්ප්ගේ තීරුබදු ගැටලුවෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය වෙත එක්විය යුතු බවත්, ආකල්ප වෙනස් නොකළහොත් රට ඉදිරියට ගෙන යාම අපහසු වන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය වැනි රටවල් ඇතුළත්ව, ලෝකයේ විශාලතම ආර්ථික කලාපය බවට පත්වෙමින් ඇති වෙත ශ්‍රී ලංකාව එක්වීම අත්‍යවශ්‍ය බව ඔහු තර්ක කළේය. මෙම හි එක්වීමට නිශ්චිත කොන්දේසි පවතින බවත්, එම කොන්දේසිවලට අනුගත නොවී මෙම කලාපීය එකමුතුවට බැඳීමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

ඒ සඳහා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා ආකල්පවල වෙනසක් ඇති කර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සමගි ජන බලවේගයේ ‘බ්ලූ ප්‍රින්ට්’ ආර්ථික දැක්මේ සඳහන් වන බව ඔහු පැවසීය. එසේම, ඇමෙරිකාව තීරුබදු පනවන තුරු බලා සිටීම වෙනුවට, එය අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මාර්තු 6 වැනිදා සිට යෝජනා කළ ද, එම යෝජනාවලින් ප්‍රතිඵලයක් නොලැබුණු බවත්, දැන් පනවා ඇති බදු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

ඇමෙරිකානු තීරුබදුවලට එරෙහිව ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් ගත් පියවර පිළිබඳව සමගි ජන බලවේගය විසින් රජයට පැහැදිලි කළ බව ද ඔහු සඳහන් කළේය.

Related posts

Catalonia leaders jailed for sedition by Spanish court

Mohamed Dilsad

முன்னாள் பாராளுமன்ற உறுப்பினர் ஜஸ்டின் கலப்பத்தி காலமானார் [VIDEO]

Mohamed Dilsad

Voting cards for Presidential Election to be delivered to Postal Dept. today

Mohamed Dilsad

Leave a Comment