Trending Newsඑසැන පුවත්දේශීය

උඩරට ගිවිසුමටත් වැඩි පාවාදීමක් වත්මන් ආණ්ඩුව කළා – හිටපු ඇමති විමල් වීරවංශ

ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව හඩ නැගූ වත්මන් ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් ගසා, 1815 උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් සිදුකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියයි. හෙතෙම එසේ ප්‍රකාශ කළේ මතුගම පැවැති ජනහමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රිවරයා මෙසේ ද කීවේය. ඉන්දියාව සමග අත්සන් කරපු ගිවිසුම්වල තිබුණේ මොනවද කියලා, කැබිනට් මණ්ඩලයවත් දන්නේ නැහැ. ‘මේ රටේ සාම්පූර් බලාගාරය හදද්දී විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණයි. උසාවි ගියෙත් ඒ පක්ෂයයි. අපි ඒවා දින්නා කියලා උදන් ඇනපු අයම දැන් ඒවාට අත්සන් කරනවා. මේවා කරන්නේ රෙදි ඇදගෙනද කියලා අපිට තේරෙන්නේ නෑ. එදා 1815 උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවාදීමක් තමයි අද මේ වෙලාවේ සිදුවන්නේ. මේ පාවාදීම්වලට එරෙහි පෝස්ටර් උදේ පාන්දර ඉඳන් පොලිසිය දාලා ගලවනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉඳගෙන පෝස්ටර් අලවන කාලේ ඒවා ගලවන්න මොකෙක්වත් හිටියේ නෑ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව යටතේ පෝස්ටරයක් අළවන්න නිදහස නෑ. මෙන්න මේ පාවාදීම් කරන්න ඕන නිසයි එදා අපිව එළියට දැම්මේ. තාත්තා වගේ හිටපු සෝමවංශ අමරසිංහ එළියට දැම්මේ. ජනාධිපතිකම නොවෙයි දෙන්න තියෙන්නේ පචාධිපතිකමයි. මෝදිට ගහලා තියෙන පෝස්ටර්වල ඉංග්‍රීසි ව්‍යාකරණත් වැරැදියි.

අගැමැතිනිය තායිලන්තයට යනවා බ්ලැක් බෙල්ටර් කෙනෙක් වගේ. කලිසමකුයි, ටී ෂර්ට් එකකුයි ඇදගෙන. ඇගේ තිබුණු ජැකට් එක ඉණේ ගැට ගහගෙන. අර මියුසිකල් ෂෝවලට කොල්ලෝ කෙල්ලෝ නටනවා ඔය වගේ ඇඳගෙන. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඔසරිය ඇඳගෙන ගිහින් රටේ ප්‍රතිරූපය නිර්මාණය කළේ පිටරටදී. චන්ද්‍රිකා නෝනා පිටරට රාජ්‍ය තාන්ත්‍රික හමුවලට ගියේ ඔසරිය ඇඳගෙන. සංගීත සංදර්ශනයක නටන්න බජව් පාටියකට යනවා වගේ ගියේ නෑ. මේ අය රටට අනන්‍ය ප්‍රතිරූපය විනාශ කරමින් ඉන්නවා.’’ යැයි ඔහු කීවේය.

Related posts

Rathana Thero decides to back Gotabhaya

Mohamed Dilsad

Nepal PM pledges to President to take forward Nepal-Sri Lanka relations closer & stronger

Mohamed Dilsad

அதிகரிக்கவுள்ள ஏற்றுமதி நடவடிக்கைகள்

Mohamed Dilsad

Leave a Comment