දේශීය

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවකට ඉන්දීය මුදල් අමාත්‍යවරිය එක්වීමට නියමිත බවය.

 

හෙට (02) දින පැවැත්වීමට නියමිත එහි ප්‍රධාන දේශනය නිර්මලා සිතාරාමන් මහත්මිය විසින් සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

 

අනතුරුව සීතාරාමන් මහත්මිය ත්‍රිකුණාමල‍යේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට නියමිතව තිබේ.

 

අනතුරුව ඇය යාපනයේ සහ මහනුවර යන ප්‍රදේශවලද සංචාරයන්හි නිරතවීමට නියමිත බව සඳහන්ය.

 

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් සමඟ නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

 

මෙරට ආගමික ස්ථානවල සූර්ය බලපද්ධති සවිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා රජය සමඟ අත්සන් කිරීමේ අවදාවටද ඇය සහභාගී වීමට නියමිතය.

Related posts

පළාත් පාලන ආයතනවල, අයවැය සම්මත කිරීමට මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප සභිකයන්ට වැඩ වරදී

Editor O

පවතින වියළි කාලගුණය නිසා පිළිපැදිය යුතු දේවල්

Mohamed Dilsad

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

Mohamed Dilsad

Leave a Comment