Trending Newsඑසැන පුවත්දේශීය

උගන්ඩාවේ මුදල් සඟවා ඇතැයි දේශපාලන වේදිකාවක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

මෙරටින් සොරකම් කළ ධනය උගන්ඩාවේ සගවා ඇතැයි මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්‍ෂිකාවක් පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

පැමිණිල්ලිකරු වන හර්ෂ ප්‍රියංග මහතා විසින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය. පහුගිය ජනාධිපතිවරණයේ දී මතුකළ ප්‍රධාන කරුණක් වූයේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් සොරකම් කර විදේශ රටවල ආයෝජනය කර තිබෙන බවයි. නීතීඥවරියක් වන එකී තැනැත්තිය කළ ප්‍රකාශය අනුව, අපේ රටේ මුදල් උගන්ඩාවේ සඟවා තිබෙන බවත් මැතිවරණයෙන් පසු ඒ මුදල් නැවත ලබා ගන්නා බවත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. පහුගිය කාලයේ අපේ රටේ ජනතාව තෙල් නැතුව, ගෑස් නැතුව අසරණ වුණේ රාජපක්ෂවරු අපේ රටේ මුදල් උගන්ඩාවට ගිහින් ආයෝජනය කරපු නිසා කියලා මතයක් ඇති වුණා.

නමුත් එවැනි දෙයක් සිදු නොවූ බවත්, නීත්‍යානුකුලව අපේ රටේ සමාගමක් විසින් එම මුදල් රැගෙන ගිය බව එකී තැනැත්තියම මැතිවරණයෙන් පසුව ප්‍රකාශ කළා. මේ තුළින් පක්ෂයක්‌ ලෙස අපි විශාල ලෙස අසරණභාවයකට පත් වුණා.රට ආරක්ෂා කළ, රටට සෞභාග්‍යය උදා කළ නායකයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කරමින්, එතුමාගේ දේශපාලන දර්ශනය විනාශ කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස අපි එය සලකනවා.

නීතිඥවරුන් ඇත්ත කියන, අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලෙස ජනතාව විශ්වාස කරනවා.නමුත් එකී තැනැත්තිය නීතිඥවරියක් ලෙස ඇත්ත වෙනුවට බොරුව සමාජගත කර සමාජය තුල වෛරය වැපිරූ බව අපි විශ්වාස කරනවා.

එකී තැනැත්තිය නීතීඥ වෘත්තීය අවභාවිතා කරමින් සිදුකරන ලද හානිය වෙනුවෙන් අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අප ඉල්ලා සිටියා. තව දුරටත් මේ රට තුළ බොරුව වංචාව සමාජගත කිරීමට එරෙහිව ගරු අධිකරණය අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බව අපි විශ්වාස කරනවා.” යැයි ද කීවේය.

Related posts

කොරෝනා ව්‍යාප්තිය මැඩලීමට අතිරේකව මිලියන 500 ක මුදලක්

Mohamed Dilsad

தொழிலாளர் திணைக்களத்தில் நிதி நெருக்கடி

Mohamed Dilsad

Provincial Council Elections cannot be held under previous election system

Mohamed Dilsad

Leave a Comment