Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

ඇමරිකානු නව ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධූර කාලයේ රාජ්‍ය පාලනය වෙනුවෙන් ලොව ධනවතා ලෙස සැලකෙන නව තාක්ෂණයේ නව ප්‍රවණතා හඹා යන්නෙකු වන ඊලෝන් මස්ක් සෘජුවම සම්බන්ධ කර ගෙන තිබේ.

ඒ අනුව, රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කර එහි ප්‍රධානත්වය ඊලෝන් මස්ක් වෙත ලබාදීමට තීරණය කර තිබේ. රාජ්‍ය කාර්යක්ෂමතාව නැංවීම සඳහා මෙම ආයතනය ස්ථාපිත කර තිබේ.

රාජ්‍ය කාර්යක්ෂමතාව නැංවීම, ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වූ අතර, ඒ වෙනුවෙන් රජයේ තනතුරු 100,000ක් කපා හැරීමේ පොරොන්දුව ඉටු කිරීම සඳහා මෙගින් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊලෝන් මස්ක් ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සක්‍රීයව මැදිහත්වූ අයෙකි.

Related posts

Cebu landslide victims text for help

Mohamed Dilsad

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

மீன் வளர்ப்பை முன்னெடுக்க திட்டம்…

Mohamed Dilsad

Leave a Comment