Trending Newsඑසැන පුවත්දේශීය

තංගල්ලෙන් සුඛෝපභෝගී රථයක් සොයාගනී.

තංගල්ල විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ නීති විරෝධීව එකලස් කළේ යැයි පැවසෙන සුඛෝපභෝගී රථයක් මාතර අපරාධ කොට්ඨාස නිලධාරීන් භාරයට ගෙන තිබේ. තීරු බදු රහිතව ගෙන්වා නීති විරෝධීව එකලස් කළ සුඛෝපභෝගී ජිප්රථයක් සඟවා ඇතැයි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

රථය සඟවා තිබූ නිවසේ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි සඳහන්. රුපියල් කෝටි තුනහමාරකට ජිප් රථය මිලදී ගත්තේ යැයි සැලකෙන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු, නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් පැමිණ පොලීසියට භාර වී ඇති බවයි මාතර මූලස්ථාන පොලීසිය සඳහන් කළේය. මේ වනවිට ජිප් රථය සඳහා රස පරීක්ෂක වාර්තා කැඳවීමට නියමිත අතර සැකකාර ව්‍යාපාරිකයා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම ජිප් රථය නීති විරෝධීව තීරු බඳු නිගවා එකලස් කරන ජිප් රථයක් මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

அரசு அலுவலக வளாகத்தில் தீ விபத்து…

Mohamed Dilsad

Sajith promises 1-year grace period for unpaid microloans less than Rs. 1 million

Mohamed Dilsad

සංචාරක ක්ෂේත්‍රයට සහන සැලසීමට රජය නව වැඩපිළිවෙලක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment