Trending Newsඑසැන පුවත්දේශීය

රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි දහසක පමණ මුදලක් වංචා කර රටින් පළාගොස් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක අද (08) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පිරමීඩ මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි දහසක පමණ මුදලක් ප්‍රමාණයක් වංචා කර රටින් පලාගොස් සිටි පුද්ගලයෙකු සහ එම මූල්‍ය සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ ඔහුගේ බිරිඳ ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. තැන්පත්කරුවන් 2,500කගේ පමණ මුදල් වංචා කර ඇති බවයි හෙළිවී තිබේ. ‍මෙරට ප්‍රධාන බැංකු තුනක මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියකගේ නමින් ගිණුම් 11ක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Related posts

වහාම ක්‍රියාත්මක වන පිරිදි සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට

Mohamed Dilsad

ஜனாதிபதித் தேர்தல் – கட்டுப்பணம் செலுத்துவதற்கான காலம் இன்றுடன் நிறைவு

Mohamed Dilsad

විදුහල්පති ගැටලු විසඳිම සඳහා පත්කළ විද්වත් කමිටුවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුවේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. වැටුප් විෂමතා, බඳවා ගැනීමේ පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථාන මාරුකිරීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුව තිබේ. අදාළ කමිටුව විසින් මේ දක්වා සිදුකර ඇති කාර්යය ප්‍රගතිය සමාලෝචනය කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මූලික ගැටලු නිරාකරණය කරගැනීම සඳහා කෙටිකාලීන විසඳුම් කඩිනමින් ඉරිපත් කරන ලෙස කමිටුවට උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Mohamed Dilsad

Leave a Comment