Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ සියලු පාසල් නොවැම්බර් 13දා නිවාඩුයි.

පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 13 වනදා සිට සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මැතිවරණයෙන් පසුව එළඹෙන 18 වනදා පාසල් නැවත ආරම්භ කරන අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇතුළු පාර්ශ්ව දැනුවත් කර තිබේ.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 12 වනදා පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත බාරදීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර ඇතැයිද අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන්.

Related posts

அலங்கார மீன் வளர்ப்பில் இலங்கைக்கு 12வது இடம்

Mohamed Dilsad

Navy apprehends a person along with 8kg of Kerala cannabis

Mohamed Dilsad

කුරුණෑගල ස්ථාන තුනක සිදුවූ නායයෑම්වලින් 09 දෙනෙක් ජීවිතක්ෂයට ; 24 දෙනෙකු අතුරුදන්

Editor O

Leave a Comment