Trending Newsඑසැන පුවත්දේශීය

තෝරාගත් ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට හමුදාව යොදවයි.

ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට හමුදාවේ වැඩිම භට පිරිසක් කඳවුරුවලින් පිටතට ගෙනැවිත් මහජන ආරක්ෂාව සඳහා යොදවා තිබේ. සේනාධිනායක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වැනිදා රැස් වූ විශේෂ ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්. පොලිසිය හැටපන්දහසක් ඡන්ද රාජකාරි සඳහා යෙදවීමෙන් පසුව මහජන දේපොළ හා රාජ්‍ය දේපොළ මෙන්ම දේශපාලනඥයන්ගේ දේපොළ ආරක්ෂාව සඳහා හදිසි අවස්ථාවකදී යෙදවීමට පොලිස් ස්ථාන තුළ ප්‍රමාණවත් පිරිසක් නොමැති හේතුවෙන් ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය යොදවා තිබේ.

හඳුනාගත් ප්‍රදේශවලට යෙදවීම සඳහා යුද හමුදාවේ අමතර සේනාංක කීපයක් බස්නාහිර පළාත හා අනෙකුත් ප්‍රදේශවලට කැඳවා ඇත. එම සියලු නිලධාරීන්ට අණදීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යටතේ ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මැදිරියක් සිදු කෙරේ. සිවිල් ආරක්ෂක බලකා භට පිරිස් කැඳවා, රාජ්‍ය ආයතනවල ආරක්ෂාව හා ඡන්දපොළ ආරක්ෂාව ට සහ පොලිසියේ සහාය සඳහා යොදවා සිටිති.

නීතිපති උපදෙස් ගෙන පොලිසිය හා සමාන බලතල භාවිත කිරීමට ත්‍රිවිධ හමුදාවට නීතිමය බලය ගෙන ඇති අතර ඒ අනුව කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සංවිධානාත්මක කණ්ඩායම්වලට අවශ්‍යය වුවහොත් උපරිම බලය යෙදවීමට ද ආරක්ෂක අංශවලට නියෝග දී ඇත.

Related posts

පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

இடி தாக்கிய இருவர் டிக்கோயா வைத்தியசாலையில்…..

Mohamed Dilsad

Doctors accused of promoting Gotabhaya in hospitals

Mohamed Dilsad

Leave a Comment