Trending Newsඑසැන පුවත්දේශීය

සිරකරුවන් සමග අනිසි සබඳතා පැවැත්වූවේයැයි, නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් හා ගබඩා භාරකරුගේ වැඩ තහනම්

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විඳින සිරකරුවකු සමග අනිසි සම්බන්ධතා පවත්වා බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙනවිත් බන්ධනාගාර රැඳවියන්ට ලබාදී ඇති බව සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදුකරන ලද මූලික විමර්ශනයට අනුව 2024.11.04 දින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියතු ප්‍රධාන ජේලර්වරයා හා ගබඩා භාරකරු වශයෙන් සේවය කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබේ. .

දූෂණ ක්‍රියාවන්වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඔවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇති බවද ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

Related posts

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

Mohamed Dilsad

කථානායකට එරෙහිව විපක්ෂය කරන්න යන දේ.

Editor O

ඉන්දීයානු මහකොමසාරිස් කාර්යාලයට, එජාපය අප්‍රසාදය පළ කරයි

Editor O

Leave a Comment