කථානායකට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අද(10) ප්‍රකාශ කළේය. .
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක විසින් පිළි නොගන්නා බවට කළ දැනුම් දීමෙන් පසුවය.
විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ, කිසිවිටෙකත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයකින් කථානායකවරයාව පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බවය.
“කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා, ඔබතුමා මේකට අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියලා. දැන් අපි අහන්නේ, ඔබතුමා පත්වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. දැන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමාව පරාජය කරන්න මෙයාලට බෑ. නමුත් ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය. ඒ තර්ජනයද ? අපිට ප්‍රශ්නයක් නෑ ඔබතුමන්ලා අරුණ ජයසේකර මහත්තයාට අදාළව පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට ඕනෑම මෝෂන් එකක් ගේන්න. අපි කැමතියි වාද විවාද කරන්න.”
