දේශීය

ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඊයේ (ජූනි 28) දිනයේදී ගම්පහ රෝහලකට අයත් ගිලන්ර ථයකට සහ එහි රියැදුරුට පහර දීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සැකකරු 65 හැවිරිදි කඩවත, පහළ දියන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මෙලෙස ගිලන් රථයට පහර දී ඇත්තේ බීමතින් බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු අද (ජූනි 29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

පොදු දේපළ විෂයෙහි කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ, විශේෂිත විදි විධාන පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද සැකකරුට එරෙහිව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ගම්පහ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

පාසල් දරුවන්ගේ දිවා ආහාර මුදල් අවභාවිතා කළ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්..? | සැමියා මාලිමාවේ ක්‍රියාකාරිකයෙක් – ලංකා ගුරු සංගමය

Editor O

Leave a Comment