දේශීය

මාලේ සිට පිරිසක් කටුනායකට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගතය හමුවේ මාලදිවයිනෙන් පිටවීමට නොහැකිව එහි සිරවී සිටි විදේශිකයන් 108 දෙනෙකු මාලේ නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණයට ලක් කර ඇති අතර මෙම පිරිස අතර සිටි පකිස්තාන ජාතික ගුවන් මගීන් 45 දෙනෙකු ලාහෝර් නුවර දක්වා පිටත් කර යවා තිබේ.

මාලේ සිට රැගෙන ආ ඉතිරි ගුවන් මගීන් 63 දෙනා සමගින් ශ්‍රී ලංකාව තුළ සිර වී සිටි විදේශිකයන් සහ එංගලන්තයට ඇතුළු වීම සදහා සුදුසුකම් ලැබූ ලාංකික ගුවන් මගීන් ඇතුලු 99 දෙනෙකු සමඟ සමස්ත ගුවන් මගීන් 162 දෙනෙකු ඊයේ (13) රාත්‍රී 11.45 ට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් ඇත.

Related posts

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා – විපක්ෂ නායක

Editor O

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලමින් තෙවන දිනටත් විරෝධතා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment