Trending Newsඑසැන පුවත්දේශීය

දේවගැති ජෙරම් ට නාවලපිටියේදී විරෝධයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දු නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට පැමිණීමත් සමග අද (05) නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි. එහිදී ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි සඳහන්. මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් කරන බව පැවසෙන ස්ථානයකට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණ තිබූ අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබිණ.

තත්ත්වය පාලනය කිරීම සඳහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ ඇති අතර ගම්වාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ දරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවය. පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගිය බව ද වාර්තාවෙයි. .

Related posts

G7 leaders turn attention to Africa

Mohamed Dilsad

Hong Kong protests: President Xi warns of ‘bodies smashed’

Mohamed Dilsad

ලංකාවට අත දෙනවා – බයින්ඩන් කියයි

Mohamed Dilsad

Leave a Comment