Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහත්වරු අතර, සාකච්ඡාවක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ඊයේ ( 05) පැවැත්වින.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ආරක්‍ෂක ලේකම්වරයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවයේ නිලධාරීන් සුහද සාකච්ඡාවක ද නිරත වූහ. ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩැරන් වුඩ්ස් ද සහභාගී වූහ.

Related posts

மின்சார சபை ஊழியர்கள் வேலை நிறுத்தத்தில் ஈடுபட முடிவு

Mohamed Dilsad

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් 2 ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

Leave a Comment