Trending Newsඑසැන පුවත්දේශීය

පොල් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කරාවිද ?

කර්මාන්ත කරුවන් සඳහා අවශ්‍ය පොල් මඳ ආනයනයට අවසර ලබාදීමත් සමඟ පොල් මිල අනිවාර්යෙන්ම ඉදිරියේදී පහළ බසිනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කරන්නේ පොල් මිල ඉහළ යාමට පොල් නිෂ්පාදනය අඩුවීම හා ආනයනයට ලැබුණු විශාල ඉල්ලුම බලපා ඇති බවයි.

ඒ අනුව ඉල්ලුමට අදාළ සැපයුමක් ලබාදීමට කර්මාන්තකරුවන් කළ ඉල්ලීම අනුව පොල් මද ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සන්දේශයක් සකස් කර ඇතැයිද හෙතෙම පැවසීය. ඒ අනුව ඉදිරියේදී අනිවාර්යෙන්ම පොල් මිල පහළ බසින බැවින් පොල් තොග රැස් කරගෙන සිටීමෙන් වළකින්නයි ඉල්ලා සිටින බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

சுற்றுலாத்துறை – வருமானமாக 4 பில்லியன் அமெரிக்க டொலர் இலக்கு

Mohamed Dilsad

பிரதமரின் பிறந்த நாள் நிகழ்வு கொண்டாட்டம்…

Mohamed Dilsad

சதோச நிறுவனத்தின் முன்னாள் தலைவர் கைது

Mohamed Dilsad

Leave a Comment