Trending Newsඑසැන පුවත්දේශීය

වාහන අංක තහඩු නිකුත් නොකිරීමට හේතුව මෙන්න.

වාහන අංක තහඩු මුද්‍රණය කරන සමාගමට මුදල් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම, තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ ගෙවීම් සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නියමිත බව සඳහන්.

එම කටයුතු ලබන සතිය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද, ඔහු සඳහන් කළ අතර, අංක තහඩු නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කිරීමට, කටයුතු යොදා ඇති බවද පැවසීය. එම කාලසීමාව තුළ පත්‍රිකාවක මුද්‍රණය කොට ලියාපදිංචි වාහන අංකය ප්‍රදර්ශනය කිරීමට වාහන හිමිකරුවන්ට තාවකාලික අවසරයක් දී ඇතැයි ද, ඔහු කියා සිටියේය.

Related posts

විදුලි ඉංජිනේරු සංගමය අද ලෙඩ නිවාඩු

Mohamed Dilsad

Argentina ends missing submarine rescue mission

Mohamed Dilsad

New electoral system a threat to minor parties- JVP

Mohamed Dilsad

Leave a Comment