Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානම් තත්ත්වයක් ඇති වෙලා – නාමල් රාජපක්ෂ

රටේ ආරක්ෂාව පිළිබඳ යළිත් අවදානම් තත්ත්වයක් උද්ගතවී ඇතැයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ 25දා පැවති රැස්වීමක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. මෙරට තනාපති කාර්යාල, ජාත්‍යන්තර බුද්ධි අංශ, සංවිධාන සමග සම්බන්ධ වෙමින් කටයුතු කර රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එකතු කරගනිමින් ආරක්ෂාව තර කර මහජනතාව මෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන්ද ආරක්ෂා කළ යුතුයි.

සියලු ජාතින්ගේ සංස්කෘතිය සමග කටයුතු කළ හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණයි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ එලවළු ගොවින්ගේ සහ පාරිභෝගිකයන්ගේ ගැටළු විසදිමට රජය මැදිහත් විය යුතු බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

Risk of Dengue rises following rains

Mohamed Dilsad

ஓமனில் கணவருடன் தேனிலவு கொண்டாடிய பிரியங்கா…

Mohamed Dilsad

දුම්රියක ගැටී කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment