Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ජනතාව මත පටවා ඇති බදු අඩු කළ යුතුයි – සජිත් ප්‍රේමදාස

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර, ජනතාවට ලැබෙන සහන වැඩි කරන. ජනතාවගේ කරපිට බදුබර පැටවීම ලිහිල් කරන නව ගමනක් රටේ ජනතාව අපේක්ෂා කළත්, මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡා කර ජනතාව මත පැටවු සෘජු හා වක්‍ර බදු අඩු කිරීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බවත්, මූල්‍ය අරමුදලේ ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කාලයේ දුන් පොරොන්දු ආණ්ඩුවට අමතක වී ඇති බවත් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. අවිස්සාවේල්ලේදී ඊයේ (19) පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාව පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. බදු අඩුකර ජනතාවට සහන දෙනවා යැයි කියා බලයට පැමිණියත් මේ දක්වා බදු අඩු නැහැ. බදු අඩු කරන වැඩපිළිවෙළකට යා යුතු බවට තමා විපක්ෂයේ සිටියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෝජනා කළ බවත්, එකට යෝජනා කළ බවත් එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් තමා කියු දෙයට ඇහුම්කම් දී ජනවරමක් ඇත්නමි ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමති වු බවත් සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය බලයට ආවා නම් ජනතාව පීඩාවට පත් කරන බදු බර නැති කර සහන සලසන බවද කීවේය.

Related posts

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Two dead, two injured in Ragama train accident

Mohamed Dilsad

Leave a Comment