Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිළගෙන්, ආණ්ඩුව ට අභියෝග පිට අභියෝග

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකළ වාර්තා ප්‍රසිද්ධ කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාට තවත් පැය 24ක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිළ මහතා එම අදහස් පළ කළේය.

උදය ගම්මන්පිළ මහතා මෙසේ ද කීවේය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මම ජනාධිපතිවරයාට ලබා දී තිබූ කාලය හෙට උදෑසන 10න් අවසන් වෙනවා. එතකොට හෙට උදේ 10 වනතුරුත් ජනාධිපතිවරයාට කාලය තියෙනවා මේ වාර්තා ප්‍රසිද්ධ කරලා තමන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන්න වගකීම ඉටුකරලා තමන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අවදානම මඟහැර ගන්න. හැබැයි ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලඝනය කරමින් හෙට උදෑසන වන විටත් මේ වාර්තාව ලබාදීම පැහැර හැරියහොත් අනිවාර්යෙන් මම ඒ වාර්තා ඉදිරිපත් කරනවා.” යැයි ද කීවේය.

Related posts

ராஜகிரிய பகுதியில் விசேட போக்குவரத்து திட்டம்

Mohamed Dilsad

இலங்கை அணியின் முகாமையாளராக சரித் சேனநாயக்க நியமிப்பு

Mohamed Dilsad

Navy rescues 3 Somalian fishers stranded at sea

Mohamed Dilsad

Leave a Comment