Trending Newsඑසැන පුවත්දේශීය

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස හිරුණිකා ඉදිරියටත් කටයුතු කරනවා – සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙන බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කර තිබෙන ලිපිය භාර නොගන්නා බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. සමගි ජන සන්ධානය අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා එසේ පැවසීය.

එම මාධ්‍ය හමුවට රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමඟ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සහභාගී වූහ. එහිදී මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කටයුතු කරන අතර ඇය ඊට ඒකඟව සිටින බවයි.

එමෙන්ම මෙවර මහ මැතිවරණයේ ඇයගේ ජයග්‍රහණය වෙනුවෙන්ද අවශ්‍ය සහය ඇයට ලබා දෙන බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය. මහ මැතිවරණයත් සමඟ ඇය කාර්ය බහුල වීම නිසා සමඟි වනිතා බලවේගයේ කටයුතු සඳහා රට වටේ යා නොහැකි නමුත් එහි රාජකාරී තමන්ට බලාගත හැකි හෙයින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය උක්ත තනතුරේ අඛණ්ඩව කටයුතු කරනු ඇති බවයි මද්දුම බණ්ඩාර මහතා තවදුරටත් පැවසුවේ.

එහිදී අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තමන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන නිසාත්, ඒ් වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුව තිබෙන බැවින්, සමගි වනිතා බලවේගයේ කටයුතු සඳහා කාලය වෙන් කර ගැනීම දුෂ්කර බැවින් සමගි වනිතා ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ ද, මහ ලේකම්තුමන් ඉල්ලා අස්වීම ලිපිය බාර නොගන්නා බවයි. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරය සඳහා වෙනත් අයෙක් පත් කර ගන්නේනම් තමා කැමති බවද හිරුණිකා මහත්මිය සඳහන් කළාය.

Related posts

IMF expects Sri Lanka’s economy to normalise, but vulnerable due to high debt

Mohamed Dilsad

Two Japanese Naval Ships arrive at Colombo Port [VIDEO]

Mohamed Dilsad

Police probes killing of 9 Dolphins

Mohamed Dilsad

Leave a Comment