Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ගන්නවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය. දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඇය එසේ පැවසුවාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කවිරත්න මහත්මිය මෙසේ ද කීවාය. වත්මන් ආණ්ඩුව දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගන්නවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවල නැහැ. රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ

මේ ආණ්ඩුව, ඔක්තෝම්බර් 02 රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200, ඔක්තෝම්බර් 09 රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500, ඔක්තෝම්බර් 11 රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500, ඔක්තෝම්බර් 15 රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 ක් ලෙස රජය අලුතින් ණය අරගෙන. පසුගිය දවස් කිහිපය තුළ රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය අරගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි.

Related posts

රජයේ පාසල් 06 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Editor O

President signs death penalty for 4 convicts

Mohamed Dilsad

06 அலுவலக புகையிரதங்கள் சேவையில்

Mohamed Dilsad

Leave a Comment