Trending Newsඑසැන පුවත්දේශීය

නාම යෝජනා බාර ගන්නා 15 වෙනිදා රාජගිරිය සරණ මාවතට ඇතුළු විය හැක්කේ අවසර ලත් සීමිත පිරිසකට පමණයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම විශේෂ ආරක්ෂක විධිවිධාන සහිතව 15 වෙනිදා උදේ 9.00සිට 11.00 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි.

නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීම උදේ 11.00 සිට 11.30 දක්වා කළ හැකියි. විරෝධතා කාලය අවසන් වීමෙන් පසු පක්ෂ සහ ස්වාධීන අපේක්ෂකයන් සඳහා ඡන්ද ලකුණු නිකුත් කිරීම සිදු කරන අතර මේ කාලයේදී මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට ප්‍රදේශය අධිආරක්ෂිත කලාපයක් බවට පත් කෙරේ. එම කලාපයට ඇතුළුවිය හැක්කේ අවසර ලත් පුද්ගලයන් සහ අවසර ලත් වාහනවලට පමණි.

නාම යෝජනා බාර ගන්නා කාලයේදී සරණ මාවත ආශ්‍රිත රජයේ ආයතන සහ රෝහල් වසා දමන අතර, සාමාන්‍ය කටයුතු සහ වෙනත් රාජකාරී සඳහා පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දෙයි.

නාමයෝජනා බාරදීමට ශාලාවට පැමිණිය හැක්කේ අපේක්ෂකයාට සහ තවත් දෙදෙනෙකුට පමණක් බවත් ඒ අයට විශේෂ අවසර පත්‍ර නිකුත් කර ඇත.  තවත් අමුත්තන් තිදෙනකුට මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ රැඳී සිටියහැක.

සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණකි. අපේක්ෂකයා සරණ මාවතේ අවසාන මාර්ග බාධකය ආසන්නයේදී වාහනය නවතා මැතිවරණ කාර්යාලයට පයින් ගමන් කළ යුතුය. අපේක්ෂකයන් සමග එන ආධාරකරුවන්ට රැඳී සිටීමට විශේෂ ස්ථාන වෙන් කර තිබේ. නාම යෝජනා බාරදීමෙන් අනතුරුව පෙළපාලි පැවැත්වීම තහනම් ය.

නාම යෝජනා කැඳවා දින පහක් ඇතුළත අපේක්ෂකයන් කැඳවා එක් අපේක්ෂකයකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල දැනුම් දෙනු ඇත. ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් කෝටි 1,000 ක් පමණි.

නාමයෝජනා බාර ගන්නා දින මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා 1,500ක පමණ පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් යොදවන බවද සඳහන්.

Related posts

More arrests in Navy youth abductions case

Mohamed Dilsad

“Sri Lanka requires serious work ahead of World Cup” – Wasim Akram

Mohamed Dilsad

ජපානයෙන්, ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා

Editor O

Leave a Comment