දේශීය

පළාත් පාලන මැතිවරණය ගැන අමෙරිකාවෙන් ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව පවසයි.

 

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළකර තිබූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් ට්විටර් සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබුණි.

 

අරමුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 09 වනදා නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රවෘත්තියක් පළකර තිබේ.

 

අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා පමණක් මුදල් භාවිතා කරන ලෙස කැබිනට් මණ්ඩලය තමාට දැනුම්දී ඇති බව භාණ්ඩාගාරයේ ලේකම් අධිකරණයට ප්‍රකාශ කර තිබූ බවට එහි සඳහන් කර තිබුණි.

 

අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩෙස් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ, එම පුවතට ප්‍රතිචාර දක්වමිනි.

 

ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ, “ශ්‍රී ලාංකික ජනතා හඬ යටපත් කිරීමට දරන ඕනෑම උත්සාහයන්, ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් ඍජුවම උල්ලංඝණය කිරීමක්,” බවය.

 

එමෙන්ම අමෙරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සබඳතා කමිටුව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටින බවය

Related posts

රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය

Mohamed Dilsad

වැලි කියුබ් එකක් රු. 8,000කින් ඉහළට

Mohamed Dilsad

මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබා දීම අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment