Trending Newsඑසැන පුවත්දේශීයඋතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ විපක්ෂ නායක අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡාවක් by Editor OAugust 13, 20240103 Share0 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කරන ආකාරය පිළිබඳව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උතුරු නැගෙනහිර දේශපාලන නියෝජිතයන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (13) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වින. මේ සඳහා උතුරු සහ නැගෙනහිර දෙපළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්ලොට් නායක, ඩී. සිද්ධාර්ථන්, ටෙලෝ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. කරුණාකරන් සහ සුරේන් කුරුසාමි යනාදීන් එක්ව සිටියේය. මෙහි දී ඉදිරි ජනාධිපතිවරණයේ දී උතුරේ නියෝජනත්වය පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.