Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

(UTV | කොළඹ) –

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ට අමෙරිකානු ඩොලර් 100,000ක විශේෂ ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ බව තරගයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයේදී නිවේදනය කළේය. අද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය කඩුලු 8කින්  ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේය.

තරඟයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු, අවසන් මහා තරගයට සහභාගී වූ සියලුම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට සිය කෘතඥතාව පළ කළේ කාන්තා තරගයකට මෙතරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ පළමු අවස්ථාව මෙය බව සිහිපත් කරමිනි.

එහි දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අතපත්තු සහතික වූයේ මීළඟ පන්දුවාර 50 කාන්තා ලෝක කුසලානය දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමා රැඳී සිටින බවයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අතපත්තු පන්දු 43කදී ලකුණු 61ක් ලබා ගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළාය. ඇයට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30යි.

මේ අතර, පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කළේය.

Related posts

පාස්කු ප්‍රහාරයේ අනුස්මරණ කටයුතු නිවසේ සිට සිදුකරන්නැයි කාදිනල් හිමි ඉල්ලයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි – සුවය ලැබූ ගණන 98 දක්වා ඉහළට

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල‌ේ මීළඟ පියවර ගැන පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment