Trending Newsඑසැන පුවත්දේශීය

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

(UTV | කොළඹ) –

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේදී 27දා පැවැත්වින.

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගෙන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයට ඉහළ ජනප්‍රසාදයක් ලැබී තිබීම පිළිබඳව අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික දේශපාලනය තුළ සාමූහිකව කටයුතු කිරීමෙන් රට සංවර්ධන කරා ගෙන යා හැකි බවයි. ඇතැම් දේශපාලන කණ්ඩායම් වැඩවර්ජන කරමින් රට අරාජිකත්වයට ඇද දැමීමට උත්සාහ කරන බවත්, එවැනි අයට නිසි පිළිතුරු ජනතාව විසින් ලබාදෙනු ඇති බවද රිෂාඞ් බදියුදීන් මහතා සඳහන් කළේය.

මෙම රැස්වීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ඉහළ පෙළේ සාමාජිකයන් ඇතුළු පුත්තලම දිස්ත්‍රික්කයේ පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටිහ.

Related posts

Imthiaz Bakeer Markar’s book to be launched

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක්

Mohamed Dilsad

நாணய சுழற்சியில் இலங்கை அணிக்கு வெற்றி

Mohamed Dilsad

Leave a Comment