Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ මාතර රැස්වීමේ බඩු බෙදිල්ල ගැන බුද්ධික පතිරණ පරීක්ෂණයක් ඉල්ලයි

(UTV | කොළඹ) –

රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර දී සංවිධානය කර තිබුණ ජන හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ දෙකට කඩන්න කටයුතු කළ බවත් මාතර ජන හමුවට පැමිණි ජනතාවට රුපියල් 2900 ක බඩු මල්ලක් ලබාදී ඇති බවත් මෙම බඩු බෙදා දීම පිළිබඳව විගණකාධිපති කාර්යාලය සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම එක්ව සිදුකළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

මාතර ජන හමුවට පැමිණි ජනතාවට ලබාදුන්නේ මාතර දිස්ත්‍රික්කයේ ගං වතුරෙන් අවතැන් වු ජනතාවට ලබාදෙන්න සකස් කළ බඩු මලු ද නැද්ද යන්න පිළිබඳව සතොස ආයතනය විශේෂ ප්‍රකාශයක් සිදුකළ යුතු බවත්
බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ බුද්ධික පතිරණ මහතා කීවේ , අවුරුදු 76 ක සිට රටේ ජනතාව දිනෙව්වේ නායකයෝ බවත් නමුත් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස කියන නායකයා නොව සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ දිනවන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ ප්‍රතිපත්ති මාලාවට සහ වැඩපිළිවෙළට නායකත්වය ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා බවත් එම වැඩපිළිවෙළට සහාය දෙන්න සමගි ජනබලවේගයේ දක්ෂ කණ්ඩායමක් සිටින බවත් බුද්ධික පතිරණ මහතා පැවැසීය.

Related posts

மான்செஸ்டர் குண்டுவெடிப்பு தொடர்பில் இலங்கை கண்டனம்

Mohamed Dilsad

Water Board Trade Unions call off strike

Mohamed Dilsad

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, තනතුරෙන් එළවයි.

Editor O

Leave a Comment