Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළියගේ පවුලේ අයගේ ස්ථාවර තැන්පත් සහ රක්ෂණ ඔප්පු කිහිපයකට තහනමක්

(UTV | කොළඹ) –

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මෙලෙස තහනම් කර ඇත්තේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක්.

ඒ අනුව, පසුගිය ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ සැමියාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 7ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

එම කොමිසම පැවසුවේ, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව, මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කරගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළා

Related posts

நாட்டின் பெரும்பாலான பகுதிகளில் இன்றும் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

World Volkswagen Day celebrations in Colombo

Mohamed Dilsad

இந்தியாவில் அகதிகளாக உள்ள ஈழத் தமிழர்களை இலங்கைக்கு அழைக்கின்றோம் – செல்வம் அடைக்கலநாதன் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment