Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළියගේ පවුලේ අයගේ ස්ථාවර තැන්පත් සහ රක්ෂණ ඔප්පු කිහිපයකට තහනමක්

(UTV | කොළඹ) –

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7ක් තහනම් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

සැක කටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් මෙලෙස තහනම් කර ඇත්තේ ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු 3ක්.

ඒ අනුව, පසුගිය ජුනි මස 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ සැමියාගේ පෞද්ගලික බැංකුවකට අයත් රුපියල් මිලියන 93.125ක වටිනාකමින් යුත් ස්ථාවර තැන්පත් ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වූ සැක කටයුතු ගණුදෙනු හේතුවෙන් දින 7ක් සඳහා තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

එම කොමිසම පැවසුවේ, මුදල් විශුද්ධිකරණ වරද යටතේ, ස්ථාවර තැන්පතු 16ක් සහ රක්ෂණ ඔප්පු තුනක් තහනම් කිරීමට කටයුතු කළ බවයි.

ඒ අනුව, මහාධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය දීර්ඝ කරගැනීමට සහ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළා

Related posts

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතුයි – අගමැති හරිනි අමරසූරිය

Editor O

Two Police officers arrested over Point Pedro shooting

Mohamed Dilsad

Major fire ravages Glasgow School of Art

Mohamed Dilsad

Leave a Comment