Trending Newsදේශීය

පොලිස්පති පත්කිරීමට කතානායක විසින් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න

(UTV | කොළඹ) –

මෙරට පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම පිළිබඳව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යවනු ලැබූ ලිපිය මේ වන විට සමාජ මාධ්‍ය වළ සංසරණය වෙමින් තිබේ.

එම ලිපියට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව නිර්දේශ කර ඇති බවත් එම නිර්දේශයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඉ 4 ව්‍යවස්ථාවට අනුව සාමාජිකයින් පස්දෙනෙකු විසින් සනාථ නොමැති බවත් පැහැදිලිව දක්වා ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයට පොලිස්පතිවරයා පත්කිරීමට බලයක් නොමැති අතර ජනාධිපතිවරයාට බලය ලබාදී තිබෙන්නේ පොලිස්පති ලෙස පුද්ගලයකු නිර්දේශ කිරීම පමණි. ඒ අනුව එම පත්කිරීම සිදුකරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමත කිරීමකින් පසුවයි. පහත ලිපියේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් පස්දෙනෙකුගේ ඡන්දයෙන්  අනුමත කර නොමැති අතර කතානායකවරයා සඳහන් කර තිබෙන්නේ පොලිස්පතිවරයා පත්කිරීම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී පැවති ඡන්දයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි සාමාජිකයින් දෙදෙනාගේ ඡන්දය ජනාධිපතිවරයාගේ නිර්දේශයට (දේශබන්දු තෙන්නකෝන්) එරෙහිව ලබාදුන් ඡන්දයක් ලෙස ජනාධිපතිවරයා සලකන්නේ නම්, කතානායකවරයාගේ ඡන්දය එම නිර්දේශය අනුමත කරන තීරක ඡන්දය ලෙස ලබාදෙන බවයි.

මෙම ලිපියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රතිපාදන වලට අනුව පොලිස්පතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ නිර්දේශය වූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පැවති ඡන්ද විමසීමේදී සානාථ වී නොමැති අතර වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්කිරීම පිළිබඳවද ගැටලුකාරී තත්වයක් මතුව තිබේ.

 

Related posts

රවී කරුණානායක ඇතුළු 8 දෙනා ලබන 23 තෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Showers or thundershowers will occur elsewhere particularly after 2.00p.m

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment