දේශීය

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

 

ඒ අනුව, රුපියල් 4,000ක අත්තිකාරම් මුදලක් ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

 

එම අත්තිකාරම් මුදල ලබන වසරේ ජනවාරි මස පළමු වන දින සිට පෙබරවාරි මස 29 වන දින දක්වා කාලය තුළ ලබාදීමට නියමිතය.

 

මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් ඒ පිළිබඳව දැනුම් දී තිබේ.

 

මෙම අත්තිකාරම් මුදල 2024 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්ය.

Related posts

බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන වැඩි වෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් අවධාරණයක්

Mohamed Dilsad

මැනිං වෙළඳපොල දින 4 ක් වසා තැබෙයි

Mohamed Dilsad

Leave a Comment