දේශීය

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය සඳහා අනුමැතිය ඉදිරි දින දෙක තුළ හිමිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත අතර එහිදී ශ්‍රී ලංකාවේ යෝජනාව සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිත බවය.

 

දේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය සමත්ව ඇති බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දෙවන වාරිකය ලබාදෙනු ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය හිමිවීම තුළින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

අගරදගුරු හිමිපාණන් ප්‍රමුඛ 60 දෙනෙකු රෝමයට

Mohamed Dilsad

පිළියන්දල පිරිවෙනක භික්‍ෂුන් වහන්සේලා ඇතුළු 89ක් නිරෝධායනයේ

Mohamed Dilsad

කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment