දේශීය

කාන්තාවක්ව නිවස තුළ දී ඝාතනය කරයි

කිරිඳිවැල පොලිස් වසමේ මිවිටිගම්මන, ඌරාපොළ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ගෙල කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් හමුව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, කිරිඳිවැල පොලිස් ස්ථානයට මේ පිළිබඳ ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

 

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 35ක් වන කාන්තාවකි.

 

මියගිය කාන්තාව සිය දරුවා, ඇයගේ ස්වාමිපුර්ෂයාගේ මව සහ පියා සමග එම නිවෙස් පදිංචිව සිට ඇත.

 

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදෙස්ගත වූ අයෙක් බව ද වාර්තා වේ.

 

මියගිය කාන්තාව නිවසේ තුළ තනිව සිටින අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

 

ඝාතනයට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Related posts

මා රටේ වගකීම භාර නොගත්තා නම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට එදා ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වෙනවා – ජනපති

Editor O

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය තරුණ මන්ත්‍රීවරයෙක්ට

Editor O

ජෙහාන් අප්පුහාමිට ඇප

Mohamed Dilsad

Leave a Comment