Trending Newsඑසැන පුවත්දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ප්‍රකාශක ධූරය තරුණ මන්ත්‍රීවරයෙක්ට

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඒ මහතා වෙත ලබාදී ඇති බව සඳහන්.

එම අවස්ථාව සඳහා සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එක්ව සිටියා. සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කයෙන් පළමු වරට මැතිවරණයට ඉදිරිපත් වූ ඒ මහතා පසුගිය මහමැතිවරණයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්වීමත් විශේෂත්වයක්.

ඔහු වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනයත් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා විද්‍යාවේදී උපාධියක් ලබා තිබෙනවා. වෘත්තියෙන් උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයෙකු වන මන්ත්‍රීවරයා මේ වන විට සමගි ජන බලවේගයේ මීරිගම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරන බවයි විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදය, පාරදෘශ්‍යතාවය හා ජනතා බලය ප්‍රමුඛ කර ගනිමින් විපක්ෂයේ මතය නිවැරදිව ඉදිරිපත් කිරීමටත් ජනතාවගේ ගැටළුවලට නිසි පිළිතුරු ලබා දීමටත්, විවෘත හා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමටත් කැපවී කටයුතු කරන බව ඒ මහතා පත්වීම ලබා ගැනීමෙන් අනතුරුව කියා සිටියා.

Related posts

Heavy showers expected today also

Mohamed Dilsad

US navy establishes presence in Hambantota beating China to it

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment