දේශීය

ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන සාකච්ඡාවක් හෙට

ඩොලරයේ අගය අඩුවීමට සාපේක්ෂව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිත වන අමුද්‍රව්‍ය සහ උපකරණවල මිල අඩුකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (30) පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල ඉහළයාම හේතුවෙන් ඒ ආශ්‍රිත ජීවනෝපාය මාර්ග රැසක් ඇණහිට ඇති බවය.

 

මේ අතර ඩොලරයේ අගයට සාපේක්ෂව වෙළෙඳපොළේ ඇති පාරිභෝගික ද්‍රව්‍යවල මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකරන ලෙස වෙළෙඳ හා ආර්ථික, ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

මහඔයෙන් සහ බිබිලෙන් කොවිඩ් මරණ

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් රක්ෂණ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයට

Editor O

Leave a Comment