දේශීය

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩි වීමක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

හින්දු දේවස්ථාන වලට හානි වූ පුවත අසත්‍යයක්

Mohamed Dilsad

පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයින් හෙට උද්ඝෝෂණයක

Mohamed Dilsad

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය මෙන්න

Mohamed Dilsad

Leave a Comment